නව මාධ්‍ය හා භෞතික සම්පත් කෙතරම් දියුණු වුව ද, නැකත අනුව ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කිරීම සම්මුතිගත ලාංකේය ජනශ්‍රැතියකි. කෙතරම් කාලානුරූප වෙනස්කම් සිදුවුව ද, සුබ කටයුතු ආරම්භයට පෙර නැකත් විමසීම, සුබ නැකත් සිද්ධාන්ත අනුව සශ්‍රිකත්වයට පහසුවෙන් පත්වීම ජ්‍යොතීර්වේදී නැකත් චක්‍ර අනුව සිදුවන්නකි. ජීවිතයේ උපතේ සිට මරණය දක්වා සියලූ සංස්කාරක අවස්ථා ද, මහපොළොව සමඟ සිදු කෙරෙන සෑම කටයුත්තකදීම සුබ නැකත් පිළිවෙත් අනුව හාහාපුරා කියා වැඩ ආරම්භ කිරීමෙන් සුබ පලය, නැතිනම් යසස පහසුවෙන් උදාකරගත හැකි වගට ප්‍රබල ජන විශ්වාසයක් පවතී.
කාලානුරූපව සමාජය කෙතරම් වෙනස් වුවද ජන සම්මුතිගත සුබ නැකත් චක්‍ර විමසුම ජීවන අත්දැකීම් හා ජ්‍යෝතීර්වේදීන් ලද අත්දැකීම් අනුව ගොඩනැගී තිබේ. මෙම පිටුව වැදගත් වන්නේ ජ්‍යෝතීර්වේදයේ නියුතුවූවන්ට හා ඒ පිළිබඳව අවබෝධයක් ඇති පිරිසටය. අද වන විට භාවිතයට නොගන්නා දුලභ ජ්‍යෝතීර්වේදී මූලාශ්‍ර ඇසුරු කරගෙන අද දවසට යෝග්‍ය ලෙස සුබ නැකත් භාවිතයට ගත හැකි ජ්‍යෝතීර්ශාස්ත්‍ර දැනුම් පද්ධතියක් මෙම වෙබ් අඩවියෙන් සාකච්ඡා කෙරෙයි. නිවැරදි සුබ නැකත් සැකසුම් පිණිස මෙම වෙබ් අඩවිය අතැඹුලක් සේ ජ්‍යෝතීර්වේදීන්ට භාවිතයට ගත හැකි ය.

දැනුම් උල්පත __________

විවාහ
nakathpala.com

ස්ත්‍රී ග්‍රහ ඵල ප්‍රකාෂනී

ජ්‍යොතිෂයෙහි යෙදෙන ප්‍රවීනයන් හා ආධුනිකයන් පොරොන්දම් බලා ශුභ යැයි අශුභයැයි තීරණය කිරීම නිසා වැඩි දෙනෙක්ගේ ජීවිත අවුලෙන් අවුලට පත් වන ස්වභාවයක් පවතී. විවාහය පිළිබඳව පලවන

Read More »
වර්_ගීකරණය