ජ්යොතිෂයෙහි යෙදෙන ප්රවීනයන් හා ආධුනිකයන් පොරොන්දම් බලා ශුභ යැයි අශුභයැයි තීරණය කිරීම නිසා වැඩි දෙනෙක්ගේ ජීවිත අවුලෙන් අවුලට පත් වන ස්වභාවයක් පවතී. විවාහය පිළිබඳව පලවන පොත්පත් ලංකාවේ සුලබ නොවීමත්, ස්ත්රීන්ගේ කේන්ද්රයෙහි ග්රහ පිහිටීම් පිළිබඳව නිවැරදි විග්රහයක් කළ පොත් පත් සුලභ නොවීම නිසාත්, තිඛෙන ඒවායේ බොහෝ අඩුපාඩු පවතින නිසාත් මෙම පොත ලිවීමට මම අදහස් කළෙමි.
පුරුෂයෙකු සිතන පතන ආකාරයට ස්ත්රීන් නොසිතන බව මා ලැබූ අත්දැකීමයි. එයට හේතු සොයා යෑමේදී ජෝතිෂය කරන වැඩි දෙනා නවාංශක ඵල, අංශක ඵල, තිථී ඵල, ත්රිශාංශාංශක ඵල නැකත් ඵල වැඩිදෙනා භාවිතා නොකරන බවත් වැටහී යයි. එමෙන්ම විධාකාර ග්රහ පිහිටීම් සහ ග්රහ දෘෂ්ටීන් පිළිබඳව විමසා බැලීම අල්ප බව ද හැෙඟ්. ජ්යොතිෂයේ නියැලෙමින් ඒ පිළිබඳ උගතුන් මෙන් පෙනී සිට කටයුතු කරන බොහෝ දෙනෙකු මෙම ගැඹුරු විෂය නිසියාකාරව ප්රගුණ කර නොමැති බවත් ඒ පිළිබඳව ලියවුණු නිවැරදි පොත පත ලංකාවේ දුර්ලභ බවත් මා දන්නා කරුණකි. මා මෙසේ සඳහන් කළත් ජ්යොතිෂයේ යෙදෙන සමහර අයගෙන් ලැබෙන දෝෂ දර්ශනයන් කෙතෙක් වුවද මෙය පරිහාස මුඛයෙන් ඉවතලිය නොහැක්කේය. අතීතයේ සිටි දේශීය පුරාණ නක්ෂස්ත්රචාර් ය වරුන් වරුන් මේ පිළිබඳව දැක්වූ උනන්දුව නිසා ජ්යොතිෂය පිලිබඳව පුරාණ පුස්කොළ පොත්වල තැන තැන මේ පිළිබඳව සවිස්තරාත්මකව විස්තර තිබුණත් ඒවා සමාජගත නොවූ බව පෙනේ. සදාචාරය පිළිබඳව වාර්ෂිකව රජය මගින් විශාල ධනස්කන්ධයක් යෙදෙව්වද මේ වන විට ලංකාවේ මහේස්ත්රාත් උසාවි වල වන්දි ඉල්ලා නඩු කියන පිරිස බොහෝය. සිවිල් උසාවිවල දික්කසාද නඩු පෙර නොවූ ආකාරයට ගොඩගැසී පවතී. ඒ පිළිබඳව ජ්යොතිෂ කටයුතු සිදුකරන අප ද වගකිව යුතුය. අසම්පූර්ණ වූ පොරොන්දම් පරීක්ෂාවක් නිසා අසරණ වූ අය වසර හතළිහක් පුරා දස දහස් ගණනක් පිහිට පතා මා වෙත පැමිණි, නිසාම මා හට මේ පිළිබඳව ලියන්නට සිතුණි. මෙය පර්යේෂණ ග්රන්ථයක් වන බැවින් මින් උගතයුතු පාඩම් සමාජයේ යහපත වෙනුවෙන් යොදා ගන්නා මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
1974 ජ්යොතිෂය පිලිබඳව මා හට අතපොත තැබූ කොළොන්නාවේ විසූ වතුරේගම සෝමාලංකාර මාහිමිපාණන් වහන්සේ මේ ශාස්ත්රය පිළිබඳව අවබෝධයකින් යුතුව කටයුතු කළ උතුමෙකු වන අතර උන්වහන්සේ තමන්ගේම ඥානයෙන් හා උන්වහන්සේගේ පර්යේෂණාත්මක අධ්යයනයන්ගෙන් උගත් දෑ ගුරු මුෂ්ටියක් නොතබා මා හට ලබා දුන් අතර, කොළඹ 14 ඩිවොස් ලේන්හි ඊ. හෙක්ටර් පෙරේරා මැතිතුමාද, ඇරැව්වල පන්නිපිටියේ විසූ ඩී.ඩී. පෙරියප්පෙරුම (ශිරෝමණී ලිත් කතෘ) ගුරුතුමා ද ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි. මාගේ අවසන් ගුරුතුමා වන ආචාර්ය ආර්.කේ. රෝහණ සිසිර කුමාර (ලංකා පංචාංග ග්රහස්ඵුට ලිත) ගුරුතුමා ද ගෞරවාදරයෙන් යුතුව සිහිපත් කරමි. අද වන විට මේ සියල්ලෝ උගත් දේ ලොවට දායාද කරමින් නික්ම ගොස් බොහෝ කල්ය. මේ පොත ලියන මා ද මේ වනවිට වසර හතළිහක් ජ්යොතිෂයේ යෙදී සිට අවසන් කාලය ගතකරමින් සිටී. මාගේ ගුරු උතුමන් සියලූ දෙනා නොමසුරුව ලබා දුන් ඒ ජ්යොතිෂ දැනුම කිසිදු ගුරු මුෂ්ටියක් නොතබා මා ඔබ හට තිළිණ කරන්නෙමි. මෙහි අඩුපාඩු ඇතොත් ඒ පිළිබඳව සමාවන ලෙස ද ඉල්ලා සිටිමි. මෙහි සඳහන් වන්නේ ජ්යොතිෂය නමැති සාගරයේ දිය බිඳක්ම පමණි. අනාගත පරපුර උදෙසා මා හට කළ හැකි උතුම්ම කාර්යය කළ බවට සිතා මම සතුටු වෙමි.